Leadership

Leadership

Back
සණස රක්ෂණ සමාගම/අධ්‍යක්ෂක මණ්ඩලය
අධ්‍යක්ෂක මණ්ඩලය
ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා
සභාපති / කළමනාකාර අධ්‍යක්‍ෂ

සණස ව්‍යාපාරයේ නායක ආචාර්ය කිරිවන්දෙණිය මහතා නවෝත්පාදන චින්තකයෙකු මෙන්ම සහ ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ ප්‍රාරම්භක සාමාජිකයෙකි. ආචාර්ය කිරිවන්දෙණිය, 1965 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හිමි කරගත් අතර ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය නගාසිටුවීමට ඔහු විසින් ගෙනහැර දැක්වූ උදාර මෙහෙය වෙනුවෙන් රුහුණු විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබීය. එතුමා 1996 ‘විශ්ව ප්‍රසාදිනී’ ජනාධිපති සම්මානයෙන් පුද ලද්දෙකි. ඒ ශ්‍රී ලංකාවේ උසස්ම සහ අතිශය සම්භාවනීයම ජාතික ගෞරව සම්මාන වලින් එකකි.

මහාචාර්ය ජේ. එම්. යූ. කේ. ජයසිංහ මහතා
අධ්‍යක්‍ෂ

මහාචාර්ය ජේ. එම්. යූ. කේ. ජයසිංහ මහතා 2013 වසරේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්ව ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය ඉටු කරයි. එතුමා ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කෘෂිකර්මය පිළිබඳව ලද ප්‍රථම උපාධියක් සහ පශ්චාත් උපාධියත් ඔහුට හිමිය. එමෙන්ම කැනඩාවේ ගුඑල්ෆ් විශ්ව විද්‍යාලයේ සනාතන සභාවෙන් දර්ශන ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇත.

ආචාර්ය සෙන්තිවේල් මහතා
අධ්‍යක්‍ෂ

ආචාර්ය සෙන්තිවේල් මහතා 2015 වසරේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් විය. එතුමා විධායක නොවන ස්වාධීන අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සිය සේවය ලබා දේ. ඒ අතරතුර SMB ලීසිං PLC, ද ෆිනෑන්ස් PLC යන සමාගම්වල විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙසද සේවය කරයි. එමෙන්ම විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙස අමානා ටාකෆුල් PLC, CDB ෆයිනෑන්ස්, MBSL ඉතිරිකිරීමේ බැංකුව, නේෂන්ස් ලංකා PLC යන සමාගම්වලට තමන්ගේ සේවය ලබා දී ඇත. තවද ඔහු ඕම්නිමෙන්ටල්ස් සහ ඩොලර් කොර්පොරේෂන් හී සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

එස්. එම්. ටී. එච්. සුබසිංහ
අධ්‍යක්‍ෂ

ජයතිලක මහතා 2014 වසරේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් විය. ඔහු සීමාසහිත පොළොන්නරු දිස්ත්‍රික් සණස මහා සංගමයේ, කදුරුවෙල සණස සංගමයේ සභාපතිවරයා ලෙස ක්‍රියා කරයි. තවද සීමාසහිත පොළොන්නරු දිස්ත්‍රික් සමූපකාර සභාවේ උප සභාපතිවරයා ලෙස ද රාජකාරි ඉටු කරයි. එමෙන්ම එතුමා සීමාසහිත ශ්‍රී ලංකාවේ සකසුරුවම් හා ණය දෙන සමූපකාර සමිති සම්මේලනයේ අධ්‍යක්ෂවරයෙකි.

කේ. කේ. වීරක්කොඩි මහතා
අධ්‍යක්‍ෂ

වීරක්කොඩි මහතා 2016 වසරේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්ව ආ අතර එතුමා කැස්බෑව සණස කොටස් හිමියන්ගේ භාරකාර සමාගමේ සහ උඳුරුගොඩ සණස සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එමෙන්ම ඔහු සීමාසහිත කොළඹ දිස්ත්‍රික් සණස මහා සංගමයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස සහ ශ්‍රී ලංකා පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇත.

ටී. කරුණාසේන මහතා
අධ්‍යක්‍ෂ

ටී. කරුණාසේන මහතා 2013 වසරේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් කෙරුණු අතර 2016 දී ස්වාධීන අධ්‍යක්ෂකවරයෙක් ලෙස මණ්ඩලය වෙත නැවත පත් කරන ලදී. එතුමා සණස සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය සභාපති / ජේෂ්ඨ අධ්‍යක්‍ෂ ලෙස සේවය කරයි. තවද ඔහු මහජන බැංකුවේ නියෝජ්‍ය මහ කළමනාකරු, ජේෂ්ඨ නියෝජ්‍ය මහ කළමනාකරු ලෙස ද සිය කාර්යභාරය ඉටු කර ඇත. කැලණිය විශ්ව විද්‍යාලය වෙතින් ලත් ආර්ථික විද්‍යාව පිළිබඳ කලාවේදි ගෞරව උපාධියක් ඔහුට හිමිය.

ජේ. වී. නන්ද කුමාර මහතා
අධ්‍යක්‍ෂ

නන්ද කුමාර මහතා 2016 වසරේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලදී. එතුමා මිදිගම ප්‍රජා වරුණ සණස සංගමයේ සභාපතිවරයා ලෙස සේවය සලසයි.