පිළිබඳ

පිළිබඳ

Home image
අපි ගැන
තවදුරටත්
Home image
නායකත්වය
තවදුරටත්
Home image
පැතිකඩයන්
තවදුරටත්
Awards
සම්මාන
තවදුරටත්

සීමාසහිත සණස රක්ෂණ සමාගම

SICL පිහිටුවීමේ ක්‍රියාවලිය 1989 දී සිදු විය. ඒ “සංවර්ධන මණ්ඩපය” නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රදේශයේ, වඩා ප්‍රචලිත ස්වේච්ඡා සංවිධාන හඳුනා ගැනීමට සමීක්ෂණයක් පැවැත්වූ අවස්ථාවාදීයි. එය ස්වේච්ඡා සංවිධානයන්හී සංවර්ධන කුසලතාව වර්ධනය කිරීම සඳහා සැලසුම් කළ ව්‍යාපෘතියකි. ග්‍රාමීය ජනතාව ස්වේච්ඡා සංවිධාන තුළට ඒකරාශී වූ ආකාරය සහ අවශ්‍යතා සහිත පිරිස් වෙත උපකාර කිරීම පිණිස අරමුදල් ගොඩ නංවා පරිපාලනය කළ ආකාරයත් එම අධ්‍යයනය තුලින් ආවරණය කිරීමට යෙදුණු ප්‍රධාන කරුණු විය. ඉහළ මට්ටමක සහභාගීත්වයක් සහිත ග්‍රාමීය තලයේ වඩාත් ජනප්‍රියතම සහ ක්‍රියාකාරී සංවිධාන වනුයේ “මරණාධාර සමිති” බව සමීක්ෂණයෙන් හෙළි විය. මක්නිසාදයත් පවුලේ ආදායම් උපයන තැනැත්තා හෝ දරුවන් හා පවුලේ වයෝවෘද්ධ පුද්ගලයන් රැක බලා ගන්න තැනැත්තා මිය යාම වැනි, පවුලේ විපත්ති දායක මොහොතකදී ඔවුනට සහාය සැපයීමේ අවශ්‍යතාව පදනම් කරගත් ප්‍රවේශය කරණ කොට ගෙනයි. තවදුරටත් හෙළි වූ කරුණක් වන්නේ ‘මරණාධාර සමිති’ මනාව ගොඩනැගුණු අරමුදල් වලින් ශක්තිමත්ව පැවති බවයි.

මෙම එළිදරව් වන තොරතුරු මත, සංවර්ධන මණ්ඩපය මඟින් මරණාධාර සමිති වල නියෝජිතයන්ව තමන්ගේම කියා රක්ෂණ යෝජනා ක්‍රමයක් නිර්මාණය කරගෙන ස්ථාපිත කිරීමට අභිප්‍රේරණය කරන ලදී. එලෙස නිර්මාණය කරගත් රක්ෂණ යෝජනා ක්‍රමය “අහේතුක විපත් ආවරණය” ලෙස නම් කරන ලදී. මාර්ග අනතුරු, වෘත්තීයමය උවදුරු, උස් ස්ථාන සහ ගස් වලින් ඇදවැටීම, විෂ ශරීරගත වීම, ගිනි ගැනීම සහ අකුණු සැර, ගංවතුර සහ සර්ප දෂ්ඨ කිරීම් වැනි දිළිඳු පිරිස් සුලභව මුහුණ දුන් යැයි සැලකෙන විපත් හේතුවෙන් ඇතිවන දුබලතා සහ මරණ ආවරණය ද යෝජනා ක්‍රමය යටතේ ඇතුළත් වූ ප්‍රතිලාභ විය. ඉහත රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා රක්ෂණ වාරික ගාස්තුව රු.5.00 සිට රු.20.00 දක්වා වූ රක්ෂකයා විසින් එකඟත්වයට එළඹී රක්ෂිත මුදලට අනුපාත විචල්‍ය අගයක් විය.

1991 ඔක්තෝබර් හිදී, සණස සහ මරණාධාර සමිතිවල සාමාජිකයන් 182 ක හවුල්කාර සාමාජිකත්වයක් ඇතිව යෝජනා ක්‍රමය ආරම්භ කළහ. කාලයාගේ ඇවෑමත් සමඟ රක්ෂණ යෝජනා ක්‍රමයට සහභාගීවූවන් සංඛ්‍යාව කෙතරම් ශීඝ්‍රයෙන් වැඩිවූයේදයත් ‘සණස’ විසින් 2003 වර්ෂයේදී SICL පිහිටුවීමටත් ජීවිත රක්ෂණ වෙළඳාම පවත්වාගෙන යාමට අවශ්‍ය බලපත්‍රය ලබාගන්නත්, 2005 වසරේ සාමාන්‍යය රක්ෂණ ක්‍රම ආරම්භ කිරීම සඳහාත් තීරණ ඇති කර ගත්හ.